සුභාෂිතය ආදී වටිනා ග්‍රන්ථ ලියා කෝට්ටේ සමයේ සිංහල සාහිත්‍යට උදාර සේවයක් කළ එකම පඬිවරයා අලගියවන්න මොහොට්ටාල විය. ඔහු පෘතුගීසින්ගේ පරම සතුරා ලෙසින් සිටි සීතාවක රාජසිංහ රජුගේ සේවයෙහි යෙදෙමින් එරජුගේ කවි මඩුවේද මුලසුන දැරීය. නමුත් ඔහු පසුව එරජුට ද්‍රෝහිවී ලක්දිව මුහුදුබඩ පෙදෙස් අල්ලාගෙන සිටි පෘතුගීසින්ට එක් වුයේ තමන්ගේ නම ද 'දොන් ජෙරනිමෝ' ලෙස වෙනස් කරගනිමින් රෝමානු කතෝලික ආගමද වැළඳ ගැනීමෙනි. එහිදී ඔහු පෘතුගීසි ආණ්ඩුකාරයා වූ කුන්ස්තන්තිනු ද සා ඉතා ඉහළින් වර්ණනා කරමින් ' කුන්ස්තන්තිනු හටන' නමැති පද්‍ය 176 කින් යුත් කාව්‍ය ද රචනා කළේය. එයින් ඉතා සතුටට පත් පෘතුගීසි ආණ්ඩුකාරයා අලගියවන්නට පෘතුගීසින්ට යටත් පෙදෙස්වල සෑම පවුලකම විස්තර වත්කම ආදිය දැක්වෙන "තෝම්බු" ලිවීමේ මොහොට්ටාල පදවියට විශේෂ බලතල දී පත් කෙරිනි. ඒ කටයුතු සඳහා අලගියවන්න මොහොට්ටාල කළුතරට පැමිණියේය. එහිදී එහි විසු පවුල්වල ප්‍රධානීන් ඔහු ඉදිරියට පැමිණ කරවට දමාගෙන ඇති සළුවද අතට ගෙන ඉතා ගරුසරු අන්දමින් අවශ්‍ය විස්තර දී ඇත. නමුත් එක් පුද්ගලයකු ඔහුගේ කරවටා වූ සළුව අතට නොගත් බැවින් ඊට කිපුණු අලගියවන්න මොහොට්ට...
පළාත් පාලන ආයතනයන්හි ප්‍රභවය, පැවැත්ම හා විකාශනයත් වර්තමානයේ කෙබදු බලතල හා කාර්යන් (සේවාවන්) ක්‍රියාත්මක කරන්නේද යන්නත් පිළිබඳව බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් රචිත " පළාත් පාලන පින් කෙත" නමැති මෙම ග්‍රන්ථය සරලව හා සංශිප්තව විමර්ශනය කෙරෙන්නකි. පරිසරය සුරැකීම හා පාරිශුද්භාවය විශද කරවමින් භෞතික හා අධ්‍යාත්මික සුබ සාධනය ඒකාන්ත කොට ගත් මෙම පළාත් පාලන ආයතන ඒ හා බද්ධ වූ නීති සමුදායෙන් කළමනාකරණය කෙසේ මෙහෙයවිය යුතුද යන්න පැහැදිලි කරන්නකි. එසේම කාර්යක්ෂමතාවය හා ඵලදාය්තාවය සාක්ෂාත් කර ගැනීමෙන් පින් කෙතක් බඳු පළාත් පාලන ආයතන සරුසාර කිරීම පැහැදිලි කරන්නකි.