සුභාෂිතය ආදී වටිනා ග්‍රන්ථ ලියා කෝට්ටේ
සමයේ සිංහල සාහිත්‍යට උදාර සේවයක් කළ එකම පඬිවරයා අලගියවන්න මොහොට්ටාල විය. ඔහු
පෘතුගීසින්ගේ පරම සතුරා ලෙසින් සිටි
සීතාවක රාජසිංහ රජුගේ සේවයෙහි යෙදෙමින් එරජුගේ කවි මඩුවේද මුලසුන දැරීය. නමුත් ඔහු
පසුව එරජුට ද්‍රෝහිවී ලක්දිව මුහුදුබඩ පෙදෙස් අල්ලාගෙන සිටි පෘතුගීසින්ට එක් වුයේ
තමන්ගේ නම ද 'දොන් ජෙරනිමෝ' ලෙස වෙනස් කරගනිමින් රෝමානු කතෝලික ආගමද වැළඳ ගැනීමෙනි.
එහිදී ඔහු පෘතුගීසි ආණ්ඩුකාරයා වූ කුන්ස්තන්තිනු ද සා ඉතා ඉහළින් වර්ණනා කරමින් ' කුන්ස්තන්තිනු
හටන' නමැති පද්‍ය 176 කින් යුත් කාව්‍ය ද රචනා කළේය. එයින් ඉතා සතුටට පත් පෘතුගීසි
ආණ්ඩුකාරයා අලගියවන්නට පෘතුගීසින්ට යටත් පෙදෙස්වල සෑම පවුලකම විස්තර වත්කම ආදිය
දැක්වෙන "තෝම්බු" ලිවීමේ මොහොට්ටාල පදවියට විශේෂ බලතල දී පත් කෙරිනි. ඒ කටයුතු
සඳහා අලගියවන්න මොහොට්ටාල කළුතරට පැමිණියේය. එහිදී එහි විසු පවුල්වල ප්‍රධානීන්
ඔහු ඉදිරියට පැමිණ කරවට දමාගෙන ඇති සළුවද අතට ගෙන ඉතා ගරුසරු අන්දමින් අවශ්‍ය
විස්තර දී ඇත. නමුත් එක් පුද්ගලයකු ඔහුගේ කරවටා වූ සළුව අතට නොගත් බැවින් ඊට
කිපුණු අලගියවන්න මොහොට්ටාල එය වහාම අතට ගෙන කතා කරන ලෙස අණ කළේය. නමුත් බ්‍රාහ්මණ
වංශිකයෙකු වූ ඔහු එම අණ පිළිගත්තේ නැත. ඉන් වඩාත් කෝපයට පත්වූ අලගියවන්න මොහොට්ටාල
ඔහුට "උද්ධ පාදෝ - අව සිරෝ" දඩුවම වහාම දෙන බව පවසමින් එය කුමක්ද
යන්න ඔහුගෙන් ඔහු දන්නේදැයි පොළොවේ අඩි හප්පමින් මහ හඬින් ඇසීය.
'එය මම දනිමියි' කියමින් ඒ තැනැත්තා ද
අසුන්ගෙන සිටි අලගියවන්න මොහොට්ටාලගේ දෙපයින් අල්ලා ඉහළට දෙපා සහ පහළට හිස සිටින
සේ ඔසවාගෙන සිට බිම හෙළිය. ඒ හේතුවෙන් අලගියවන්න මොහොට්ටාල ටික දිනකින් සිහිය
නොලබාම මිය ගියේය. එය කළ ඒ තැනැත්තා ද සීතාවක රාජසිංහ රජු වෙතගොස් ඒ පුවත සැල කර
සිටියේය. එයින් ඉතා සතුටට පත් සීතාවක රාජසිංහ රජු ඔහුට මුදලි තනතුරක් දී රන්නුල්
යෙදූ සළුවක්ද ප්‍රදානය කළේය. ඉන්පසු ඔහු "රන්සළු" මුදලි ලෙස
හැඳින්විනි. ඒ ගරු නාමය පසුව විකාශනය වී ඔහුගෙන් දැන් පැවතෙන්නන් "රන්තුලු"
පරපුර ලෙසින් හැඳින්වෙන බව ජනප්‍රවාදයේ පැවතේ. වර්ෂ 1778 දී ලියන ලද 'කාව්‍ය දීපනිය'
ග්‍රන්ථයේ එය "රන්හුලු" ලෙස දැක්වේ.
- උපුටා ගැනීම (ඩි.
රණසිංහ | සිළුමිණ පුවත්පත - 1998.04.05)
Comments
Post a Comment